උණුසුම් පුවත්

යහපත් ලෝකයක් වෙනුවෙන් නොබැඳි ජාතීන් ශක්තිමත් වෙමු

වසර පහක් තුළ පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු යි. - ජනපති රනිල්

ඩිජිටල් සහ තාක්ෂණික බෙදීම් මෙන් ම සමූල ඝාතක අවි භාවිතය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර තිබෙනවා.

යහපත් ලෝකයක් වෙනුවෙන් ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටලු විසඳා ගත යුතුයි.

වසර පහක් තුළ පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු යි.

ප්‍රධාන බලවතුන් ගේ තරගය වෙළඳ හා ආර්ථික ඒකාබද්ධතාව පසුපසට ගමන් කරවමින් තිබෙනවා.

නොබැඳි ජාතීන් තව දුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ.

ජනපති නොබැඳි ජාතීන්ගේ

නොබැ

19 වන රාජ්‍ය නායක සැසිය අමතමින් අවධාරණය කරයි.

ඩිජිටල් සහ තාක්ෂණික බෙදීම් මෙන් ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්, යහපත් ලොක්යක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සමහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටලු කඩිනම්ව විසඳා ගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා ‌මේ බව සඳහන් කළේ "හවුල් ගෝලීය  සමෘද්ධිය සඳහා සහයෝගිතාව පුළුල් කර ගැනීම" යන තේමාව යටතේ උඝන්ඩාවේ කම්පාල නුවර දී අද (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

උගන්ඩා ජන රජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතා ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120 ක රාජ්‍ය නායකයන් ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර අදත් හෙටත් පැවැත්වේ.

විකාශනය වන බහුධ්‍රැවිය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත්විය යුතු බව හේ අවධාරණය කළේ ය. එම පරිවර්තනයේ දී මහා බල එදිරිවාදිකම් මෙන් ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදුකරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් සපුරන බහු ධ්‍රවිය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන් දායක විය යුතු බව ද පෙන්වා දුන්නේ ය.