යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සිදුකළ මුලු වැටලීම් 526කට අදාළව සැකකරුවන් 518 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් 8 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
දිවයින පුරා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන අතර බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 99ක්, අයිස් ග්‍රෑම් 55ක්, ගංජා ග්‍රෑම් 637ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ සමස්ත වැටලීම් 312කදී සැකකරුවන් 307 දෙනෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
දකුණු පළාතේ කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.