ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වසරේ මේ මාස තුනහමාර තුළ සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් මිලියන 9300 කට අධික මත්ද්‍රව්‍ය මුහුදේ දී හොයන්
දෙවුන්දර තුඩුවේ සිට නාවික සැත 246 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂ 'සමුද්‍රාරක්ෂා' නෞකාව යොදවා කළ විශේෂ මෙහෙයුමකින්, රුපියල් මිලියන 3798 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 179 ග්‍රෑම් 906 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83 ග්‍රෑම් 582 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් හා එක් දින බෝට්ටුවක් සමඟ පුද්ගලයින් දහ දෙනකු පෙරේදා අත්අඩංගුවට ගන්නා ලදි.
එක්දින බෝට්ටුව හා එහි සිටි පුද්ගලයන් හතර දෙනා අල්ලා ගෙන ඇත්තේ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය මුහුදේ දී හුවමාරු කර ගන්නට පැමිණි බවට විශ්වාසයක් මෙහෙයුමේ නිරත වූ නාවික නිලධාරීන්ට ඇති හෙයිනි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් බෝට්ටු දෙකත් සැකකරුවන් දහ දෙනොත් ඊයේ (13) ගාල්ල වරායට ගෙන ආ අවස්ථාවේ දී ඒවා පිරික්සීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ගාල්ලට පැමිණියේ ය.
මේ නීති විරෝධී ජාවාරම් කරුව්න් සමඟ එම මත්ද්‍රව්‍ය තොගයත් බෝට්ටු දෙකත් නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් කළ විශේෂ මෙහෙයුමකින් අල්ලා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ලංකාවට ළඟාවෙන බවට ලද තොරතුරක් ඔස්සේ කළ වැටළීමේ ප්‍රතිඵලයෙනි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබන නිසා පසුගිය කාලය පුරා මෙවන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් අනාවරණය කර ගනිමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින් හා මත්ද්‍රව්‍ය හා ප්‍රවාහනය කෙරෙනා ධීවර යාත්‍රා ගණනාවක් අල්ලා ගැනීමට හැකි විය.
අත්අඩංගුවට පත්දි මේ බහුදින ධීවර යාත්‍රාවෙහි මේ මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන ඒන ලැබ ඇත්තේ උර දහ හතක් (17) තුළ බව නාවික නිලධාරීන් ගේ නිරීක්ෂණයේ දී අනාවරණය වූ බව නාවික හමුදාව පවසයි.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර දහ හතක් (17) ප්‍රවාහනය කළ බවට සැකපිට සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව 2024 අප්‍රේල් මස 13 දින ගාල්ල වරාය වෙත රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී, උර හතරක (04) පැකට් හැත්තෑ හයක (76) තිබූ හෙරොයින් කිලෝ 83යි ග්‍රෑම් 582 ක තොගයක් සහ උර දහතුනක (13) පැකට් එකසිය විසිනවයක (129) තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑ නවයයි (179) ග්‍රෑම් නවසිය හයක (906) තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගන්නා ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23 ත් 54 ත් අතර වයසේ පසුවන වැලිගම, ඉමදූව සහ ගාල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ අනීතික කුඩු වෙළඳපොළේ කම රුපියල් මිලියන 3798 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වර්ෂයේ සිව්මසක අද දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් මිලියන 9300 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.