තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන් පැලැස්ස එච්. කේ. ටී. වැව ආසන්නයේ හේනක වගා කර තිබූ අඩි 02 ක් පමණ උස ගංජා ගස් 1,760 ක් සහිත ගංජා යායක් හොයා ගෙන ඇත.
ඉතා සුක්ෂමව වගාකර තිබූ මේ ගංජා වගාව බුත්තල විශේෂ කර්ය බලකාය කදවුරේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ උපදෙස් අනුව බුත්තල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ටි.එම්.සි. ජනිත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) ඒ වැටලීමක් සිදු කෙරුණි.
එහි දී සුක්ෂමව වගාකර තිබු උස අඩි 02 ක් පමණ වූ ගංජා ගස් 1,760 ක් සහිත ගංජා හේනක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.