උණුසුම් පුවත්දේශපාලන

අද රටේ ක්‍රියාත්මක වෙන්නේ ආර්ථික ත්‍රස්තවාදයක්

සමගි රණවිරු බලවේගයේ අමතා කළුතර දී සජිත් ප්‍රේමදාස කියයි

                                                                   

රණවිරුවන් අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගනු ලැබුවත් අද අපේ රට ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණ දි ඇති බවත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රස්තවාදීන් යනු මිනිසුන්ගේ ජීවිත උදුරා ගන්නා පුද්ගලයන් බවත් මහබැංකු ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් සේම රටේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට සිදු කරන බලපෑමද ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) කළුතර දී පැවති සමගි රණවිරු බලවේගයේ රැස්වීමේ දී ය.