උණුසුම් පුවත්දේශපාලන

ජාතික ජන බලවේගය බලයට එන බව අයි.එම්.එෆ් එකත් පිළිඅරන්

අද පැවති මාධ්‍ය හමුවේ දී ටිල්වින් කියයි

ජාතික ජන බලවේගය සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සාකච්ඡා කිරීම ගැන සමගි ජන බලවේගයෙන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා මහතාගෙන් මාධ්‍යවේදියකු කළ  විමසීමේ දී ඔහු සඳහන් කළේ, "මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපේ කාර්යාලයට පැමිණ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඒ ගොල්ලෝ කලබලවීම අපට පිළිගන්න පුළුවන්. එනිසා ඒ මහත්වරුන්ගේ හීන් කෙඳිරිලි අපි ගණන් ගන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය ගැන අපි රටට කියලා තිබෙන්නේ. තමන්ගේ ප්‍රතිපත්තියක් නැතිව කුණු එකතු කරමින් ඉන්න, ඒ අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා. අප සමග විවෘතව සාකච්ඡා කරන්නේ ජාතික ජන බලවේගය බලයට පත්වෙන බව මූල්‍ය අරමුදල පවා පිළිගෙන  ඇති නිසයි.

ජාතික ජන බලවේගය අද (20) උදේ  පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට උත්තර දෙමින් ටිල්වින් සිල්වා මහතා එසේ සඳහන් කළේ ය.

"අපේ රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් රට ගොඩනැගීමට ගෙනයන ප්‍රතිපත්ති පිළිබඳව අපි ඇති තරම්, රටට හෙළි කර තිබෙනවා. ඒ අයට අපේ ප්‍රතිපත්ති තේරෙන්නේ නැති එකට අපට කරන්න දෙයක් නැහැ. අපට තිබෙන්නේ කණගාටුයි මහත්වරුනි කියලා කියන්න විතර යි." යනුවෙන් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.