උණුසුම් පුවත්

අධිකරණ ඇමති නාවල ජුම්මා පල්ලියට ගිහින්

ජාතික සමගිය සඳහා සර්වාගමික එකමුතුවක අගය

ජාතික ආගමික සමගිය ගොඩනැංවීමේ ප්‍රායෝගික වැඩ පිළවෙලක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය විසින් මේ වන විට ක්‍රියාවට නංවමින් තිබේ.
එහි තවත් එක් පියවරක් සනිටුහන් කරමින් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය විසින් සංවිධානය කළ මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස සමය තුළ සිදු කරනු ලබන ඊද් අල් ඉෆ්තාර් උත්සවය සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නාවල Jumma Mosque පල්ලියේදී ( 26) පස්වරුවේ පැවැත්විණි.
උස් පහත් භේදයෙන් තොරව එක්ව ක්‍රියා කිරීම, අනෙකාගේ හැගීම් කෙරෙහි සංවේදීවීම, එකිනෙකාට උපකාර කිරීම මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාස සමය තුළ දී සිදු කරනු ලබයි.
පුජ්‍ය ආචාර්ය ගලගම ධම්මරංසි හිමි, ගරු ආචාර්ය බාබු ශර්මා කුරුක්කල්තුමා, ආචාර්ය අල්හාජ් හසන් මවුලානා පුජකතුමා, ආචාර්ය නිශාන් කුරේ පියතුමා මෙහිදී විශේෂ අනුශාසනා සිදු කරන ලදී.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, නාවල මුස්ලිම් පල්ලියේ සභාපති හනීපා හාජ්ජියාර් යන මහත්වරුන් ඇතුළු මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.