උණුසුම් පුවත්කාලීනදේශපාලන අධිවේගයෙන් රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම 2026-09-080 රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරාවි - සජිත් ප්‍රේමදාස සෑම දෙනාටම සවන් දිය යුතුය මේ පෙත්සම්වලට සවන් නොදීම පෙත්සම් ක්‍රියාවලිය සම්පූර්ණ නොවන බවත් එය සම්පූර්ණ කර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් විශේෂයෙන් සෑම දෙනාටම සවන් දිය යුතු මූලධර්මය අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 50 (3), 92 (2) ආ, සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121 වැනි ව්‍යවස්ථාව මත පදනම් වූ ප්‍රශ්නයක් යොමු කළත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව නොදුන් බවත් අද කතානායකවරයා සභාවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඉදිරිපත් කළ පෙත්සම් ප්‍රමාණය සම්බන්ධ දෝෂයක් තිබූ බවත් එහි දී දුලාර ගුණතිලක, ශාන්ත ජයතිලක යනාදීන් ද මේ සම්බන්ධයෙන් විරුද්ධ පෙත්සමක් ඉදිරිපත් කළත් විවෘත අධිකරණයේ කැදවීමක් සිදු නොකිරීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් රජය බලයට පත් කර ගත්තේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න නොව සුරක්ෂා කිරීමට බවත් මේ කරුණ මීට පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න අවස්ථාව නොදීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළොත් සෘජු විදේශ ආයෝජන රට අතහැර යාවි ප්‍රවාහනය ගැන බලන විට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවට රජය පැවසුවත් මේවාට මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා ආර්ථික වර්ධනය වැඩි වී සෘජු විදේශ ආයෝජන රටට ලැබිය යුතු බවත් අධිවේගී මාර්ග හදනවා සේම අධිවේගීව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන තැනට රට පත් කර ඇති බවත් එය වේගයෙන් සිදුවන බවත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම නිසා විදේශ ආයෝජකයන් රටට නොපැමිණෙන බවත් ස්වාධීන අධිකරණයක් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ අධිකරණය ගැන විශ්වාසයක් ආයෝජකයන්ට නොමැති වුවහොත් එය සෘජු විදේශ ආයෝජන පැමිණීම සිදු නොවන බවත් එය ආර්ථික වර්ධනයට බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය. රජයට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රියාවලිය ගැනවත් දැනුමක් නෑ සෘජු විදේශ ආයෝජන ගැනීමට ජාත්‍යන්තර විශ්වාසයක් අවශ්‍ය බවත් මේ විශ්වාසය ඇති කර ගන්න පොදු රාජ්‍ය මණ්ඩල නීති සංගමයේ ප්‍රධානියා වන ස්ටීවන් තිරූ මහතා රටට පැමිණි අවස්ථාවේදී අධිකරණ ඇමතිවරයා සේම ලේකම්වරයා හමුවීම්ට අවස්ථාව ඉල්ලා සිටියත් එය නොදුන් බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර සබඳතා ඇති නීතිඥ සංගම් ප්‍රධානියකු ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට අධිකරණ ඇමති හමුවෙන්න නොහැකි වන විට රටේ රාජ්‍ය පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බරපතල ප්‍රශ්න මතුවන බවත් මේ රජයට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් හා ක්‍රමවේද ගැන දැනුමක් නොමැති බවත් කී ය. 22 විභාගයට ගත් අවස්ථාවේ සමස්ත පෙත්සම්වලට ඇහුම්කන් දුන්නේ නෑ පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගම් ප්‍රධානියා විසින් බරපතල කරුණු රැසක් ඉදිරිපත් කළ බවත් තමන් සම්බන්ධ නඩුවකට තමන්ට වාඩි වී පෙනී සිටිය නොහැකි බවත් ඒ නිසා 22 සංශෝධනය ගැන නඩුවට Full bench එකක් සේම දාන මේ Bench එක ජ්‍යෙෂ්ඨත්වය අනුව ක්‍රියාත්මක වීමත් පිළිතුරු ලබා දීමේ අයිතිය තිබිය යුතු වුවත් මෙහි එවැනි කිසිදු දෙයක් නොතිබූ බවත් සමහර පෙත්සම්වලට පවා සවන් නොදුන් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. දැන්වත් අධිකරණයට කරන අපහාසය නවත්වන්න මේවා රටට සේම අධිකරණයට සේම ප්‍රජාතන්ත්‍රවාදයට උචිත නැති බවත් ගරු අධිකරණයට සිදු කරන මේ අපහාසවලට විරුද්ධ බවත් දැන් මේ ගැන ලෝකයට ගිහින් තිබෙන්නේ නරක මතයක් බවත් මේ අධිකරණය පද්ධතියේ ඇති මූලධර්ම අප රැකගත යුතු බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය. පුළුවන් නම් පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සංගමය පිළිනොගන්නා බවට රජයෙන් යෝජනාවක් ගෙන එන්න එදා 22 නෑ කියා හවස 22 වැනි සංශෝධනය ගෙන ආවේ අධිකරණ ඇමති බවත් පුළුවන් නම් පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සංගමය පිළිනොගන්නා බවට රජයෙන් යෝජනාවක් ගෙන එන ලෙස අභියෝග කරන බවත් එවිට ලෝකයට නිවැරදි පණිවිඩය යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ජනපතිට ඕනි විදිහට නිදහස් සෞඛ්‍ය අයිතිවාසිකම වෙනස් කරන්න බෑ වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට සෞඛ්‍ය යනු මූලික අයිතියක් යැයි පවසා මේ මූලික අයිතිය ශක්තිමත් කළ යුතු බවත් රෝහලේ ඇදක් දෙන්න බැරි නම් නඩු කියන්න පුළුවන් කියු වත්මන් ජනාධිපතිවරයා දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනස් කර හිතුමතේට රෝහලට යන්න බැ යැයි කියන බවත් මෙයට හේතුව ඖෂධ උපකරණ ශෛල්‍යකර්ම හිගයක් නිසා බවත් වැඩ බැරි නිසා විවිධ තීන්දු තීරණ රටට ඉදිරිපත් කරන්නේ නැතිව විපක්ෂයේ සිට කිව්ව දේ දැන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව හෙතෙම පැවසුවේ ය. රටේ ප්‍රශ්න තිබියදී රජය පච දේශපාලනය ක්‍රියාත්මක කරනවා දැන් අස්වැසුම කපනවා සේම වී සඳහා දෙනවා කියූ රු. 150 සහතික මිලක් නොමැති බවත් දැන් රු. 17ක් පාඩු කරමින් රු. 120ක සහතික මිලක් ලබා දෙන බවත් බඩු මිල වැඩි වී ඇති තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා මේ වන විට පච චාරිකාවක් ක්‍රියාත්මක කර පච කියමින් යන බවත් බොරු කිය කියා රට වටේ යන්න පෙර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඉන්දීය ආරක්ෂක ඇමති සිරිලකට පැමිණි වගයි Next Article වැලිකඩ හිරගෙදරින් පාර්ලිමේන්තුවට ආ නාමල්!!