නියෝජ්‍ය ආරක්ෂක ඇමති හා ඉන්දීය මහ කොමසාරිස්වරයා ගුවන් තොටේ දී සිං හා පිරිස පිළිගනි
තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (08) දින දහවල් ශ්‍රී ලංකාවට පැමිණියේය
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකු ද සිං මහතාගේ දූත පිරිස වශයෙන් පැමිණ ඇත.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 032 දරන ගුවන් යානයෙන් ඉන්දීය ආරක්ෂ ඇමතිවරයා හා දූත පිරිස අද (08) දින දහවල් 01.25 ට කටුනායක ගුවන් තොටුපොළ සිරිලකට ළඟා වූහ.
සිං මහතා හා පිරිස පිළිගැනීමට, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හා දූත පිරිස තෙදින නිල සංචාරය නිමවා ලබන බ්‍රහස්පතින්දා (10) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.
(ඡායාරූපය - දිනමිණ පුවත්පතෙනි)

