උණුසුම් පුවත්

අනියම් බිරිය මරා රට පනින්න හැදූ සැකකරු කටුනායක දී අල්ලයි

ඝාතකයා පාතාල අයියා කෙනකුගේ අයියා ලු

කහතුඩුව අධිවේගී පිටවීම නුදුරුව ප්‍රධාන මාර්ගය අසලදී 41 හැවිරිදි කාන්තාවක ඝාතනය කර රට පනින්න තැත් කළ ඇගේ අනියම් සැමියා යැ යි කියනු ලබන පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ පොලිසි‌යේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී දහයමාරට පමණ අත්අඩංගුවට ගන්නට සමත් වී තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ කටුනායක සේවය කරමින් හුන් දුලංජලී අනුරුද්ධිකා මාපිටියගේ නමැත්තියෙකි. ඇගේ අනියම් සැමියා 47 වියැති එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැති පුද්ගලයෙකි. ඔහු එකී කත ඝාතනය කිරීමෙන් අනතුරුව ඊයේ ම විදෙස්ගත වීමට සැලසුම් කර ගුවන් තොටට ගිය ද පොලිසියේ ඉක්මන් ක්‍රියාකාරීත්වය නිසා අපරාධකරු යැ යි සැකකරන්නාගේ තැත ව්‍යවර්ථ විය.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු සේ කුපප්‍රසිද්ධ එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයගේ වැඩිමහල් සහෝදරයා බව පොලිසිය කියයි.

මේ සාහසික අපරාධය පිළිබඳ ලද තොරතුර ලද සැණින් විමර්ශණ ඇරඹූ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට සැකකාරයාට විදෙස්ගතවීම තහනමක් ගෙන ගුවන්තොටුපළ පොලීසිය දැනුවත් කිරීම නිසා ‌ඝාතකයා යැ යි සැකකරන්නා කොටුකර ගන්නට සමත්කම් පාන ලදි. කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශණ අරඹා ඇත.