උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

අම්මලා….

කැඩුණු සුනු සහලින් බතක් සරි කරන

මා වෑංජනයට ගත්

අලු කෙසෙල් වල

වීසිකළ පොතු ටික

වටපිට බල බලා

එකතු කර හිමින්

සීරුවට ඔතන කොට

මගේ ඇස් ඇසූ පැනයට

පිළිතුරු කියයි ඈ.........

කැඩුණු සුණු සහල්

බතකට

සම්බෝලයක් තලලා

තෙල් දාලා දෙනවා

මේ ටික කොල්ලා .........

කාලෙකින් ඇවිත්

ගෙදරට.

- කුමුදුනි මෙන්ඩිස් -

මිරිඟුවක් දැක දැවටි දැවටී

 

හිරු කුමරුන් හිමින් හිමින් ඔමරි කරනවා...

වලා රොදක් හද ලෙලවා රටා මවනවා...

 සොබාසිරිය ගං ඉවුරට  හාදු පුදනවා...

 පුණ්‍ය භූමියක ඉපදී  සුසුම් හෙළනවා....

සීතිජ මායිමේ

සොඳුරු කෙම්බිමක් සෙව්වා

මිරිඟුවක් දැක

දැවටි දැවටී

පසුපස ම දිව්වා

අහස ගුගුරා

අනෝරා වැසි

සැඩ සුළඟෙ හැමුවා

ඇයට පිටුපා

ලොවේ සැමට ම

 සෙනෙහෙ දිය බෙදුවා....

  - ඇන්ජලා පැල්පොළ - 

පුර සඳ සේමා

වැව්දිය මතට වැටිලා ළා සඳ කැල්ම                   

නිල්වන් අහසෙ නැලවෙන විට සඳවතිය

මන්මත් කරන මෙ සුන්දර සඳපාන

පෙම්මත් වෙලා ඇයි අද මෙ පරිසරය

වැව්දිය නඟන හසරැලි දෙස බලාගෙන

මිං රැල නටනවා දියබුං ගසාගෙන

සීතල සුලග ගත හී ගඩු නගාගෙන

රුක්මල් සුවඳ දී යනවා ඇදීගෙන

සේපාලිකා කඩුපුල් හිනහෙන රැක

වැව් දියමත ඇවිදිනවා කුමුදිනිය

මද අදුරේ තුරුලේ වෙළෙමින් ගසක

හාදු පුදයි බකමූණට පෙම්වතිය

කණාමැදිරි එළි නිවෙමින් දිලෙන්නේ

පරිසරයම මංගල සිරි මැවෙන්නේ

මෙ නව යුවල වෙත් නෑ මා දන්නේ

ඔබ සිහිවෙලා මා සිතනම් පිපිදෙන්නේ

නිල් අහසේ දිලෙනා පුර හඳ සේම

සිත් අහසේ පායයි ඔබ රහසේම

වලාකුළෙන් සගවන්නට බැරි සේම

සැරින් සැරේ ඔබ එනවා සඳ සේම ..

- මධුෂිකා -