උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය

අයිස් සහ හෙරොයින් මත්ද්‍රවය කිලෝ ග්‍රෑම් 101 කට අධික තොගයක් දකුණු මුහුදේ දී නීතියේ රැහැනට

වටිනාකම රුපියල් කෝටි 150 කට වැඩි යි ලු

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය එකයි (10්‍1) ග්‍රෑම් අටසිය හැත්තෑවක (870) පමණ තොගයක් අඩංගු උර හයක් ප්‍රවාහනය කළ දේශීය බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුව්න පස් දෙනකු නාවික හමුදාව ගන්නා ලද අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය වෙත භාර දී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  විශේෂඥ සහාය ඇතිව මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවේ දී එම මත්ද්‍රව්‍ය තොගයෙහි පාර්සල් 52 ක අසුරණ ලද අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 43 යි ග්‍රෑම් 134 ක් හා හෙරොයින් කිලෝ 58 යි ග්‍රෑම් 736 ක් තිබූ බව තහවුරු කර ගෙන ඇත. මේවායේ වටිනාකම රුපියල් බිලියන 1. 5 ක් (කෝටි  150) කට අධික බව පොලිසිය කියයි. සැකකරුවන් පස් දෙනා හා මත්ද්‍රව්‍ය තොගය හා බහුදින යාත්‍රාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර දී ඇත.