උණුසුම් පුවත්කාලීනතාක්ෂණයනව නිපැයුම්විනෝදාස්වාදවිශේෂාංගසාහිත්‍යය හා කලාව

‘අහස’ ටී. වී. ළඟදීම ප්‍රෙක්ෂක දෙනෙතට

ප්‍රවීණයන් සහූහයක් එක්වෙලා

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා අතරට අලුත් රූපවාහිනී නාලිකාවක් ළඟදීම එක්වේ.

'අහස' ටීවි යනුවෙන් නම් කොට ඇති මෙම නාලිකාවේ විකාශනය ළඟදීම ආරම්භ කරන බව එහි ප්‍රධානී ආචාර්ය සෙනේෂ් දිසානායක මහතා පවසයි.

සීමාවන්ගෙන් තොර වූ ගුණාත්මක ජනමාධ්‍ය කලාවක් ප්‍රේක්ෂකයින්ට දායාද කිරීම අහස ටීවී නාලිකාවේ මූලික අරමුණ බව ද කොළඹ පැවති මාධය හමුවක දී ඒ මහතා ප්‍රකාශ කළේ ය.

''රතු ඉර" පුවත් පත හා 'ඒළිවෙයා' සඟරාව ප්‍රකාශයට පත් කරන 'බිස්නස් මීඩියා ඉන්ටර් නැෂනල් සමාගම මඟින් ආරම්භ කිරීමට යන අහස ටීවී නාලිකාව 'පියෝ' ටීවි 121 හා ංඩයලොග්' නාලිකා ඔස්සෙ විකාශනය කෙරෙන බව එහි මව් සමාගම වන 'ඇග්‍රොටෙන්ඩර්ස්' සමූහ ව්‍යාපාරයේ සභාපති නිලංග කරුණාරත්න මහතා සඳහන් කළේ ය.
ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන රූපවාහිනි නාලිකා වල සේවය කළ ප්‍රවීණයන් රැසක් මෙම නාලිකාවට එක්වී සිටින බව ද නාලිකා ප්‍රධානී ආචාර්ය සෙනේෂ් දිසානායක මහතා ප්‍රේක්ෂක ඔබට පවසයි.