උණුසුම් පුවත්දේශපාලන හිටපු ඇමති ෆවුසිට රුපියල් ලක්ෂ 66 ක දඩයක් 2026-09-300 නෙදර්ලන්තය රජය විසින් ලබාදී තිබු සුඛොපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ගැනීමේ චෝදනාවට හිටපු ඇමති වරයකු වන ඒ. එච්. එම්. ෆවුසි මහතාට රුපියල් ලක්ෂ 66 ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියෝග කරන ලදි. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු උදෙසා නෙදර්ලන්තය රජය විසින් ලබාදී තිබු සුඛොපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොද ගැනීමෙන් ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ද සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම වාහනයේ ඡායාරූපයක් ද සමඟ, සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් හා තිනකරන් පුවත්පත් වල මුල් පිටුවල පිටු භාගයක ප්‍රමාණයේ සමාව අයැදීමේ දැන්වීමක් මාසයක් තුළ පළ කරන ලෙස ද නියම කෙරුණි. අග විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අර්ජුන ඔබේසේකර හා ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණේ ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න මහතා විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඔස්කාර් සම්මාන උළෙලට පළමු වතාවට සිංහල චිත්‍රපටයක් තෝරා ගනී. Next Article ‘අහස’ ටී. වී. ළඟදීම ප්‍රෙක්ෂක දෙනෙතට