ආර්ථිකඋණුසුම් පුවත්කාලීනනව නිපැයුම්

ඇමති සරත් උතුරු කොනේ ගිහින්

උතුරු නැගෙනහිර නිරීක්ෂණ චාරිකාවක - යාපනය දිස්ත්‍රික්කය

වත්මන් රජයේ ජාතික නිවාස වැඩසටහන වන “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අයත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ නැවත පදිංචි කිරීමේ අංශය උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2026 අයවැය ප්‍රතිපාදන මත නිවාස 2500ක් ජනතාව වෙත ලබා දීම සඳහා රුපියල් මිලියන 5000 ක් වෙන් කර ඇත. ඒ අනුව 2026 නැවත පදිංචි කිරීමේ අංශය මඟින් ලබාදෙන රුපියල් ලක්ෂ 20 ක මුදල යාපනය දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රතිලාභීන් 125දෙනෙකු සඳහා චෙක්පත් ලබා දීම නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා අතින් ඊයේ දින (2026.06.16) සිදුවිය. එහිදී නැවත පදිංචි කිරීමේ අංශය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ කොළඹතුරෙයි හා නැගෙනහිර අරියාලෙයි ග්‍රාමයන්හි ඉදිකෙරුනු නිවාස ජනතා අයිතියට පත් කිරීම ද සිදුවිය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලන් කුමාරන් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශ්‍රී බවානන්ද රාජා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. රජිවන් මහතා, යාපනය දිස්ත්‍රික් දිසාපතිතුමන්, යාපනය දිස්ත්‍රික් ලේකම්තුමන්, ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ද සහභාගී විය