ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

යෝෂිතට ඇප දෙයි

රට ගමන් තහනම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත.

ඔහුට විදෙස් ගමන් තහනම ද අධිකරණයෙන් පනවා ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වෙද්දී සිදුවූ වංචනික ක්‍රියාවන් ද, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලැබීමේ ක්‍රියාවලිය ගැන ද කෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් ඔහු අතඅඩංගුවට ගැනුණි.

අල්ලස් කොමිසම හමුවේ  ඊයේ (16) පෙනී සිටින ලෙස ඔහුට පෙර දැනුම් දී තිබුණ ද, එදින අභියාචනාධිකරණයේ පැවැති නඩුවක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඔහු ලිඛිතව දන්වා තිබුුණි, ඒ අනුව අද (17) උදෑසන කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

මේ පිළිබඳව එවකට නාවික හමුදාපති සිටි, වසන්ත කරන්නාගොඩ මහතාටද ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැ යි ලෙස දන්වා ඇත.