උණුසුම් පුවත්

ඇමරිකානු නැවකට අපේ සීමාව තහනම් කෙරේ

ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන් ද එහි සිටිනා බව කියයි

පර්යේෂණ කටයුතුවල නිරත ව සිටිමින් පයහසුකම් ලබා ගන්නට අපේ වරායට පිවිසිමට ඉල්ලා සිටි ඇමරිකානු නැවකට ඊට අවසරය නොදීමට රජය පියවර ගෙන ඇත. මේ නෞකාවෙහි ඇමරිකානු විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ද පර්යේඹණ ක්‍රියාවලියෙහි නිරත ‌බව පැවසේ. 
කිසිදු රටක පර්යේෂණ ක්‍රියාවන් හි නිරත වීමට අපේ මුහුදු සීමාව යොදා ගැනීමට ඉඩකඩ නොසපයන්නට රජය ගෙන ඇති ඍජු ප්‍රතිපත්තිමය තීන්දුව නිසා මොවුනට අපේ සාගර කලාපයට ප්‍රවිෂ්ට වීමට ඉකකඩ නැත.
මීට පෙර චීන පර්යේෂණ නෞකාවකට අපේ රටෙන් පහසුකම් ඉල්ලා සිටිය විට ඊට එකඟතාවයක් පළ නොකළ රජය ඔවුනට මෙහි ඇතුළුවීමට ද අවසර නොදුන්නේ ය.