උණුසුම් පුවත්කාලීන

ඉන්දියාවෙන් නොමිලේ දුම්රිය එන්ජින් 20ක්

න්දීය රජය විසින් දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ශ්‍රී ලංකාවට ලබා දීමට ඉදිරිපත්ව තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබේ.

ඒ අනුව දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.