පීලී පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රියක් ග්‍රේට්වෙස්ටන් සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී පීලී පැනීමට ලක් ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දුම්රියේ නැරඹුම් මැදිරිය මෙලෙස පීලී පැනීමට ලක් ව ඇත.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.