උණුසුම් පුවත්

බාල බෙහෙත් සිද්ධියට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේදී  අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතාව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහුව අද පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.