උණුසුම් පුවත්

උතුරේ පාසල් 100 ක් සංවර්ධනයට කඩිනම් පියවර – ජනපති

රනිල්

උතුරේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ නියෝජිතයින් ජනපති අතර හමුවක්

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ පවතින ගැටලු එම සංවිධානය විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දෙන ලද අතර එකී ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට හේ ඔවුනට පොරොන්දු වූයේ ය.

කුල ප්‍රශ්නයෙන් යාපනයේ ජනතාව හෙම්බත්ව සිටින බවත් යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එයට යහපත් ප්‍රතිචාර නොදක්වමින් මුනිවතක රැඳී සිටීම කනගාටුවට කරුණක් බවත් යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරූන් සිද්ධාර්ථන් මහතා ජනපති හමුවේ ප්‍රඛාශ කරන ලද බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින බව ද ජනපතිවරයාට පෙන්වා දුන් සිද්ධාර්ථන මහතා ඒවායේ අවම පහසුකම් හෝ නොමැති හෙයින් සිසු සිසුවියන් මහත් සේ පීඩාවෙන් යුතුව අධ්‍යාපනය හදාරණ බව ද හේ පෙන්වා දී ඇත.

දරුවන්ට නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය පාසල් සීයක් පෙන්වා දෙන ලෙසත් ඒපාසල් මාස හයක් තුළ සංවර්ධනයට ඇවැසි වැඩ පිළිවෙල අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ නියෝජිතයනට පොරොන්දු වූයේ ය.

අතුරුදන් වූවන් ගේ පවුල් බව ප්‍රකාශ කරමින් සිවිල් සංවිධාන අටවා ගෙන සිටින බහුතරයක ගේ අතුරුදන් වූ බව පවසන පුද්ගලයන් පදිංචිව සිටින්නේ විදේශගතව බව ද හේ ජනපතිට පෙන්වා දී තිබේ.

ඒ ගැන ඔ්නෑම අවස්ථාවක තමා අතුරුදන් වූවන් ගේ සංගම් සමඟ විවාද කරන්නට ලෑස්ති බව ද හේ කියන ලද බව ජනපති මාධ්‍ය ඒකකය පවසයි. ඔවුන් විදේශයන් හි ඉතා හොඳින් සුඛෝපභොගී ජීවිත ගත කරන්නේ යැ යි ද සිද්ධාර්ථන් මහතා සඳහන් කරයි

යාපනයේ ජනතාව මුහුණ දී සිටින එහෙත් වැඩි කතාබහකට ලක් නොවන කාරණා රැසක් සම්බන්ධයෙන් හේ ලිපියක් ඉදිරිපත් කරමින් දක්වා තිබේ.

ජනපතිවරයා දින හතරක සංචාරයක උතුරුකරේ යෙදී සිටියි. එහිදී මේ පිරිස ඊයේ හමු විය.