උණුසුම් පුවත්දේශපාලන

උරුමය බෙදා දීම

මම හැමදාම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. ඒත්.....

ලක්ෂ 20 ක් ලබා දෙන විට ඒ තුළින් විශාල ආර්ථික බලයක් නිර්මාණය වෙනවා.
ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට නොහැකි වන විට අපට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. අද එම අයිතිය ලබා දෙනවා පමණක් නෙවෙයි ආණ්ඩුවේ ප්‍රමුඛතම වැඩපිළිවෙළ වී තිබෙන්නෙත් කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළයි.
ඔබට මතක ඇති මීට වසර දෙකකට පමණ පෙර රටේ ආර්ථිකය බිඳ වැටිලා, ජනතාව අවුල්, වියවුල් වෙලා, මේ රට පැවති තත්ත්වය. නමුත් අද ඒ තත්ත්වයෙන් මේ රට මුදවා ගෙන අත්දැකීම්, පළපුරුදු මෙන්ම ප්‍රතිඵල සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ඉදිරියට ගෙන එන අයුරු ඔබට දකින්න ලැබෙනවා. ඒ වෙනුවෙන් අපේ ගෞරවය එතුමාට පුද කළ යුතුයි.
අද රටේ ආර්ථිකය මෙන්ම සමාජ තත්ත්වයත් ඉදිරියට යමින් පවතිනවා. නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව රට ගොඩ නැඟීමේ ක්‍රියා පිළිවෙත ඉදිරියට යනවා. එය අඛණ්ඩව ගෙන යාමට අවස්ථාව අප ලබා දිය යුතුයි. එය කඩාකප්පල් කර, අත්දැකීම් නොමැති අයට එය බාර දී, අත්හදා බැලීම් සිදු කිරීමට සුදුසු කාලයක් නෙවෙයි මෙය. මේ රටේ පාලනයට අත්හදා බැලීම් සිදු කරන්න බැහැ. එහෙම වුණොත් මේ රට නැවත කඩා වැටෙනවා. මේ සියල්ල විනාශ වෙනවා.

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා
ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.