ආර්ථිකඋණුසුම් පුවත්කාලීනපරිසරයසෞඛ්‍යය එල්නිනෝ සංසිද්ධියෙන් ශ්‍රී ලංකාවට නියඟය, නාය යාම් හා ගංවතුර අවදානමක් 2026-08-050 එළවළු, ධාන්‍ය, කිරි, බිත්තර සහ මාළු වැනි දේශීය නිෂ්පාදන පහත වැටිය හැකි බවත්, ගොවිපොළ හා දිනපතා වැටුප් ලබන්නන්ගේ ආදායම අහිමි විය හැකියි එල්නිනෝ දේශගුණික සංසිද්ධිය ලබන වසරේ මුල් මාසය තෙක් පවතිනු ඇති බවට සියයට 97 ක සම්භාවිතාවක් තිබෙන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට නියඟයකට පමණක් නොව ගංවතුර, ජලය බැස නොයාම සහ නායයාම් වැනි ආපදා අවදානම් සඳහා ද පෙර සූදානම් විය යුතු යැයි ලෝක ආහාර හා කෘෂිකර්ම (FAO) සංවිධානය පවසයි. මෙම වසරේ ඉදිරි මාස කිහිපය පුරා ම ශ්‍රී ලංකාව තුළ එල්නිනෝ දේශගුණික සංසිද්ධිය වර්ධනය වෙනු ඇතැ යි එම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා ප්‍රකාශ කෙළ් ය. එල්නිනෝ තත්වය හේතුවෙන් එළවළු, ධාන්‍ය, කිරි, බිත්තර සහ මාළු වැනි දේශීය නිෂ්පාදන පහත වැටිය හැකි බවත්, ගොවිපොළ හා දිනපතා වැටුප් ලබන්නන්ගේ ආදායම අහිමි වියහැකි බවත්, ශරන් මහතා තවදුරටත් කී ය. පසුගිය වසරේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පවුල් 75000 ක් සිය ජීවනෝපාය යථාතත්වයට පත්කර ගනිමින් සිටින මොහොතක එල්නිනෝ තත්වයට මුහුණ දීමට සිදුවීමෙන් එම පවුල් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනපති හමු වෙයි Next Article සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය