උණුසුම් පුවත්

කඩොලාන රකින්න කළ කැපවීමට ලංකාවට එක්සත් ජාතීන්ගේ සම්මානය

ශ්රී ලංකාවේ වෙරළ තීරය කඩොලාන පද්ධති විසින් සුරකින ලද බව UNO ව කියයි.

කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැඟීම සඳහා කළ කැපවීම උදෙසා එක්සත් ජාතීන්ගේ 'වර්ල්ඩ් රෙස්ටොරේෂන් ෆ්ලෑග්ෂිප්'  සම්මානය මෙවර ශ්‍රී ලංකාවට පිරිනැමීමට තීරණය වී තිබේ.

මෙම මස 27 වැනිදා කෙන්යාවේ පැවැත්වෙන  එක්සත්  ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ඇත.

2021 – 2030 පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ දශකය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබේ.

2004 සුනාමි ඛේදවාචකයත් සමඟ එමඟින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට එල්ල වූ බලපෑම් වෙරළාරක්ෂකයකු ලෙස ක්‍රියාකිරීමෙන් කඩොලාන පරිසර පද්ධතීන් වල වැදගත්කම වඩාත් ඉස්මතු වීමට හේතුවක් වියත අවාසනාවකට මෙන් කඩොලාන පද්ධති අඛණ්ඩව විනාශ කිරීම සහ විධිමත් යාන්ත්‍රණයක් නොමැතිවීම මෙම අගනා පරිසර පද්ධති සංරක්ෂණය සහ ප්‍රතිෂ්ඨාපනය ඵලදායී ආකාරයෙන් සිදු කිරීමට බාධාවක්ව තිබිය දී ත් ඒ වෙනුවෙන් කළ කැපවීම ද මෙහිදී අගය කර තිබේ.

උපුටා ගැනීම - 2024. 02. 15. දිවයින පුවත්පපතෙනි.