උණුසුම් පුවත්කාලීනදේශපාලන

කතානායකට එරෙහි චෝදනා ගැන පරීක්ෂණ ඇරඹේ

පැමිණිලිකරුගෙන් දිගු කාලයක් කරුණු විමසලා

නිල නිවාස හා රජයේ වාහන අවභාවිතය ප්‍රමුඛ  චෝදනා දහයක් පදනම් කොට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට  එල්ල කරැැති පැමිණිල්ලපිළිබඳව,  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 එම චෝදනා  කතානායකවරයාට එරෙහිව ඉදිරිපත්ව ලද්දේ ශ්‍රී පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වූ , නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි. 

අල්ලස් කොමිසම විසින් අද (13) පෙරවරුවේ චමින්ද කුලරත්න මහතා කැඳවා තිබූණි, එහිදී ඔහුගෙන් දීර්ඝව කරුණු විමසීමක් කර ප්‍රකාශයක් ලබා ගෙන ඇත.