ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන කතානායක නිල නිවසේ ‘ඉන්වෙන්ටරිය’ අතුරුදන් 2026-10-030 පොත ඉදිරිපත් කරන්නට දන්වයි කථානායකවරයාගේ නිල නිවසේ තුබුණු භාණ්ඩ වට්ටෝරු පොත (ඉන්වෙන්ටරි පොත) අතුරුදන්වීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට එහි සේවකයින් අට දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) මඟින් එම සේවකයින්ට මේ බව දැනුම් දී තිබේ. එපමණක් නොව අතුරුදන්ව ඇතායි කියන එහි තිබෙන භාණ්ඩ ලේඛන පොත ද කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙසට ද උක්ත සේවකයින්ට වැඩිදුරටත් නියෝග කර තිබේ. අදාළ සේවකයින් ගෙන් එක් අයෙකුගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. අනෙක් සේවකයින් හත්දෙනා ඉදිරි 12, 13, 15 සහ 16 යන දිනවලදී ප්‍රකාශ සටහන් කර ගැනීමට කොමිසම හමුවේ පෙනී සිටීන්නැ යි දන්වා ඇත.. කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති පසුබිමක මෙම බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇති බව හෙළිවීය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ‘අහස’ ටී. වී. ළඟදීම ප්‍රෙක්ෂක දෙනෙතට