සියදිවි හානිකර ගෙන ඇත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩයකුට අයත් නිවසක දී?
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, කපිල චන්ද්‍රසේන මහතා, කොල්ලුපිටියේ පිහිටි නිවසක දී සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඒ නිවස සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකුට අයත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුණු එයාර් බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව හුන් හේ ඇප ලබා මුදාහැර සිටියදී ඇප සම්බන්ධ ගැටලුවක් මත යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මීට පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියේ චන්ද්‍රසේන මහතාට ලබාදී ඇති ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි.
