උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

බුදු ගුණ අලංකාරය - 378                                                            

රඹ කඳ ගඳැත්                      කර

පෙර කළ බඹහු            මෙහෙවර

නපුරැ යි හැම                       දුරැර

මැවූ වැනි ඇය වටොර        මනහර

පදතාගර්ථය -   රඹ කඳ - කෙසෙල් කඳෙහි ද, ගඳැත් කර - ගන්ධ හස්තීන් ගේ හොඬෙහි ද, පෙර -    පූර්වයෙහි, බඹහු - මහා බ්‍රහ්මයා විසින් , කළ - කරන ලද, මෙහෙවර - ශිල්ප කර්ම , නපුරැ යි - නුසුදුසු යැ යි , හැම - ඒ සියල්ල, දුන් හැර - ඈත් කොට , ඇය - ඒ බිසොව ගේ , මනහර - මනෝඥ වූ , වටොර - කලවා යුවළ , මැවූ වැනි - නිර්මාණයක් කළා වැන්න.

භා වය-    පෙර කෙසෙල් කඳ ද, ගන්ධ හස්තීන් ගේ හොඬ ද, මැවීමෙහි දී දැක්වූ, ශිල්පය මෙහෙවර නො වේ යැ යි ඒ සියල්ල දුරු කොට ඒ් පිසව ගේ කලවා යුග්මය මැවුවා වැන්න.

බුදු ගණ අලංකාරය - 379

දනන් කළ                            උන්මතු

දණ උතු යුගට රන්                      උතු

සරි නොවත දැන්                         යුතු

උවම් නැත දුට කියම් මින්             මතු

පදගතාර්ථය  - දනන් - ජනයා , උන්මතු කළ - උමතු කළ , දණ උතු යුගට -  දණ දෙකට , රන් උතු - ස්වර්ණ උතුන් , සරි නොවන - සමාන නොවන කල්හි , දැන් - මේ අවස්ථාවෙහි , යුතු උවම් - උචිත උපමාවක් , නැත - නොමැත්තේ ය , මින් මතු - මතු අනාගතයෙහි , දුට - දැන ගත හොත් , කියම් - කියන්නෙමි.

භාවය  - ජනයා උමතු කරවන දණ දෙකට රන් බඳුන් උපමා කල නොහැකි හෙයින් ඒ සඳහා දැනට සුදුසු උපමාවක් නැත, පසු ව උපමාවක් ලද හොත් කියන්නෙමි.