උණුසුම් පුවත්

බෙලිඅත්ත මිනිස් දඩයම මෙහෙයවූ දෙන්නා ඩුබායි හි දී කොටුවෙලා

අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමට නුදුරුව දී ජිප් රියක් පසු පස හඹා විත් එහි හුන් පුද්ගලයන් පස් දෙනකුට වෙඩි තා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙය වූ පාතාල අපරාධකරුවන් දෙන්නකු ඩුබායි හි හෝටලයක දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැ යි පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගහ මයිකල් හා බූස්සේ හර්ෂ නමැත්තන් ය. මොවුන් දෙන්නා මේ පංච පුද්ගල ඝාතනය ඉකුත් මස 22 වැනි දා සිදු කර ඇත්තේ කොස්ගොඩ සුජී නමැති නම්දරා සිටින සාහසික අපරාධකරුවාගේ උපදෙස් මත බව පොලිස් තොරතුරුවලින අනාවරණය වී ඇත.

ඩුබායි හි හෝටලයක දී හටගත් ආරවුලක දී මොවුන් එරට ආරක්ෂක අංශ විසින් කොටු කර ගෙත අඅති පුද්ගලයිිින් 13 දෙනා ම සුජී ගේ ගෝලබාලයන් බව කියයි. අත්අඩංගුවට පත් සිය අපරාධ කල්ලි සාමාජිකයන්ගගලවා ගන්නට ඔහු මහත් වෙහෙසක් දරමින් සිටින වග ද පොලිසිය කියයි.