උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

මහමෙර උසුලමු

පෙරදින වගේ අටු කොටු සැම පුරවන්න...

එක් සිත් ඇතිව  සැම හට සෙත පතුරන්න...

මහමෙර වුණත් උසුලා රට ගොඩගන්න...

පින්බර පුතුන් රට හැමතැන බිහිවන්න...

ඇන්ජලා පැල්පොළ

සිතිවිලි පවුරක

උනන කඳුළක

කැටි වෙලා ඇති                                                                                                                                                                                         

දුකින් පිරි

ලොකු කතාවක්..

දැවෙන කතරක

වුවත් ගෙන දේ

ආදරය ළඟ

සිසිලසක්...

 බලන හැම තැන

මැවෙන ඔබෙ රුව

පුදුම හිතෙනා

බැඳීමක්...

 මතක ගිනිගෙන

හඬමි මම තව

ඒක දුක්බර

කතාවක්.....

 පාළුවත් තනිකමත් අතරේ

පපුව හිර වෙලා වගෙ

කොච්චර හිතුවත් වචන

ගලපගන්න බැරි තරමට

පාළුම පාළු මූසල ගතියක් දැනෙනවා...

 ජීවිතෙ විඳපු ලස්සනම හීන

 ගොඩක ගිලිල ගිලිලා මැරෙන්න තුබුණ නම්

සිතුවිල්ල වද දෙනවා තාමත් මගෙ හිතට

රන්.....

මොන දේ වුණත්

චුට්ටක් හරි දරාගන්න පුළුවන්  වුණේ

අපි තරහ වෙලා නෑ

රංඩු වෙලා නෑ

ඇත්ත...

පලිගැනීම් නෑ අපේ ආදරෙ

 නුඹටම එපා වුණා මාව

ඉතින් යන්නට ගියා

එක තප්පරයක් හරි වින්දනම්

 ජීවිතේ හැබැහින් අපි

යන්න පුළුවන් ද ඔහම

එහෙම වුණා නම්...

වාවගන්න බැරිවෙයි එදාට

අපෙ පපුවලට

මට ඕන වුණේ ම අපි කවදා කොහම

වෙන් වුණත්

කවදාවත් තරහ නොවී ඉන්න

ජීවිතේ යතාර්ථය තේරුම් ගත්ත මිනිස්සු

ආදරය බෙදාගත්තු හිතකට

කවමදාවත් වෛර කරන්නෑ

 නිහඩව දරාගන්නවා....

මධුෂිකා