උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

මධුෂිකා ගේ කවිය

පිපී මල් සුවද හැමු කාලයේ
ගෙඩි හැදී පල දරපු ඒ යුගේ
ගහ වටේ වට කරන්
ළඟට වී උන්න අය
මහ ගොඩක් හිටියා
අරටුවම පමණක් ඉතිරි වී
මැර බැහැපු ගහේ නැහැ මල් පිපී
පලත් නැහැ දලුත් නැහැ
කොළ තදින් වේලිලා
දැන් ගහත් තනි වෙලා
ඒ කාලෙ මේ ගහේ
පල ලබපු දුදනන්ට
ගහ ඉතින් අමතක වෙලා
මේ වගේ මිනිසුන්ව හමු වුණේ කුමකටද ?
ගහ තනිව හිතනවා.........
රැය ඇවිත් ලස්සනයි
ඔබට සුබ පතනවා!!

2024. 03. 27.