උණුසුම් පුවත්

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඝාතනය කිරීමේ සැලසුමක්!!!???

අපරාධකාරයන්ට රටක් යටකළ හැකි නම්.... ඉතින්....

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කරන්නට කරන ලද සැලසුමක තොරතුරු අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් අරඹන සේ මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමති ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට දන්වා ඇත.

රාජ්‍ය ඔත්තුකරුවකුට ලද තොරතුරක් අනුව ‌තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමේ සැලසුම අනාවරණය කර ගෙන ඇති අතර ඒ් පිළිබඳ ඔහු විසින් සපයන ලද ලිපියක් අනුව අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපදෙස් දී මහේස්ත්‍රාත්වරයාට විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද දන්වා ඇත.

ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය ග්‍රෙනේඩ් විදිනයකින් ගමගේ මහතා මරා දැමීම සැලසුම්කරුවන්ගේ සැලැස්ම වී ඇති වග ද ඔත්තුකරු පවසා ඇත. මෙකී ගිනි අවියක් ලබා දෙන සේ දුරකතනයකින් ඉල්ලීමක් කරන ලද බව ඔත්තුකරු පවසා ඇති බව කියයි.

මහේස්ත්‍රාත් ගමගේ මහතා විසින් දෙන ලද අධිකරණ නියෝගයක් හේතුවෙන් ඔහු ඝාතනය කරන්නට ඇවැසි බව සැකකරු පවසා ඇත.

ගමගේ මහතා මරා දැමීමෙන් මහජන ආරක්ෂක රාජ්‍ය ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් ගේ 'යුක්තිය මෙහෙයුම' අඩාලවන බව අපරාධ සැලසුම් කරුවන් ගේ සැලසුම වූ බව ඔත්තුකරු පොලිසියට පවසන ලද බව පොලිසිය කීයයි.