උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

හිතෟම හා පැතීම

වෙලී මායා දැලක සෙනෙහස                  

         නුවන් කඳුලින් තෙත් වුණා...
                 දරා දුක් ගිනි හඹා ගිය මඟ
                         නැතුව සැපතක් හිස් වුණා...
                                 ගිලන් වූදා  ලඟින් සිටි
                                           අය හුරේ දමමින් තුටු වුණා...
                                                        දෑස පෑදී අඳුරු සිතුවම්
                                                                 එකින් එක ඈතට ගියා...
 කැඩුවා ගණන් පොතේ, කොළ කැඩුවා...

හැදුවා කරදහි ඔරු හැදුවා...

යැව්වා වැහි වතුරේ යැව්වා...

හිතුවා ගුටි කන හැටි හිතුවා...

ඇඬුවා බය දැනිලා ඇඬුවා...

 ඇඬුවා බය දැනිලා

ඇඬුවා... ඇඬුවා බය

දැනිලා ඇඬුවා...

කෙරුවා මතක, අමතක කෙරුවා...

 බිරුවා දරුවන් හට බිරුවා...
  මැකුවා සුන්දර ලොව මැකුවා...
 හිතුවා ලොකු අය යැයි හිතුවා...
හිතුවා ලොකු අය යැයි හිතුවා.
 හිතුවා හිතුවා
 පැතුවා ජයගන්න යි
  පැතුවා.......
  ළමා ලෝකය  විනාශ කර ජය පත
    -- ඇන්ජලා පැල්පොළ - 

පෑරුණු පුංචි හිත

 

 

 

ආදර මල් වරුසාවේ තෙමී ගෙන...
පෙම් කෙරුවද අම්මේ රස උරා බොන...
උප්පැන්නේ පියාගේ නම මකාගෙන...
බෝ මළුවේ තනි කළේ දුක දරාගෙන...
වැන්දඹු කතක් මා දැක සිප වඩාගෙන...
හදා වඩා ගත්තේ දරුවෙකු ලෙසින...
කුලී වැඩට ගියේ බඩ කට පුරවන්න...
දහදුක් විඳපු මව්නි මතු බුදු වෙන්න...
පින්තූරය අන්තර්ජාලයෙන්
සිතිවිලි මාර සේනා
සන්තාන වන වදුළු වෙත ඇතුළුව
සන්තෝෂ මල් හිස්
කඳින් වෙන් කරයි
එවිට.....
අතීතයේ දවසක
මා අතරමං කර ආ
මා තුළම වූ
ඒ කුඩා ළදැරිය
හදිසියේ මා අමතා
ජීවිතය
ස්වර හත මුහුව ගිය
අමයුරුම ගීය කැ යි පවසයි
මොන බොරු ද
ජීවිතේ කියන්නේම
සංසාර සෝ නිමිති ගඟුළට
අහම්බෙන් වැටුනු කුහුඹුවෙකුට
තණපත් අත්වැටක්
කොහෙවත්ම නැතිකොට
එතෙර ගැන සිහින පෙනෙන එකට
මා තුළ වූ
හැඩි දැඩි ගැහුණු හිත
මොර දෙයි
 එවිට ......
අතීතයේ දවසක
මා අතරමං කර ආ
මා තුළම වූ
ඒ කුඩා ළදැරිය
යලිත් මා අමතා
ජීවිතය
ගීයකැයි පවසයි.
      - නජිලා අධිකාරි -