ආර්ථිකඋණුසුම් පුවත්

අඩු ආදායම්ලාභී සෑම පවුලකට ම අප්‍රේල් සහ මැයි දෙමසකට සහල් කිලෝ 10 බැගින් ලබා දෙනවා

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 කට හාල් කිලෝ 10 යේ සහනය

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට කළේය.පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක ප්‍රතිලාභී පවුල් 191,548ක් සහල් සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා තිබේ. අද දින පවුල් දහසකට සහල් බෙදා දීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු ලබාදීම සිදු විය.

මීට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සහල් බෙදාදීම ආරම්භ කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරද්ද සමරනවා. පසුගිය වසර දෙක තුළ මේ පිළිබඳව සිතන්නටවත් නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. පසුගිය කාලයේ අපට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර සපයා ගත නොහැකිව ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.

2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ කඹුරුගමුව ප්‍රදේශයේදී බව සිහිපත් කරන්න කැමතියි. එහි ඉන්ධන පිරවුම් සැල් ඉදිරිපිට රැය පහන්වන තුරු ජනතාව රැදී සිටින අයුරු මම දුටුවා. ඔවුන් පාලකයන්ට දැඩිව දෝෂාරෝපණය කරමින් සිටියා.  එවන් තත්ත්වයක තිබු රට අද ලබා ඇති ප්‍රගතිය බොහෝ දෙනාට සිතා ගැනීමට පවා අසීරු වී තිබෙනවා. අද රට තුළ ඇති වි තිබෙන මෙම ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් බොහෝ අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. එම තීරණ ජනප්‍රිය තීරණ නොවන බව කිවයුතුයි.

මීට පෙර මේ රටේ ආණ්ඩු තිබුණේ එක් පක්ෂයකට අයත් ආණ්ඩු. එසේ නොමැතිනම් පක්ෂ දෙක තුනක් එක්ව ගොඩනගාගත් ආණ්ඩු. නමුත් මෙම ආණ්ඩුව එවැනි එකක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මම විතරයි හිටියේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය මේ සියලු පක්ෂවල අය ආණ්ඩුව සමඟ එක් වුණා. රටේ අවශ්‍යතාව වෙනුවෙන්  එම ආණ්ඩුව ගොඩනැගුවා. මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඇතැම් අය පැවසුවා.

අද සංචාරක ව්‍යාපාරය නොසිතු අන්දමේ දියුණුවක් ලබමින් තිබෙනවා. ඒ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අපි මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය  අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම තුළින් එම මුදලුත් අද රටේ ආර්ථිකයට එක්වෙලා තිබෙනවා.

අසීරු කාලයේ දුප්පත්, පොහොසත් බේදයකින් තොරව අප සියලුදෙනා දුක් වින්දා. අද රට දියුණු වෙමින් පැවතියත් තවමත් එක් කණ්ඩායමක් අපහසුතාවයන්ට මුහුණ දී සිටිනවා. රුපියලේ අගය අඩුවීම, ව්‍යාපාර කඩා වැටීම, රැකියා අහිමි වීම නිසා පිරිසක් තවමත් අපහසුතාවයෙන් සිටිනවා.

අපි මෙම සහල් මිලදී ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නොවෙයි. කුඩා මෝල් හිමියන්ගෙන්. අපි මෙම මිලදී ගැනීම් සිදු කරද්දි වෙළෙඳපොළෙ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නවා. එවිට එම කුඩා පරිමාණ වී මෝල් හිමියන්ටත්, ගොවි ජනතාවටත් සහන ලැබෙනවා.

ඒ වගේම වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. ඉඩම් ලබාදීම පිළිබඳව මේ වන විට කටයතු කරගෙන යනවා. ඒ වගේම ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹ මහල් නිවාස 50,000 ක අයිතිය එම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩකටයුතුවලදී අප දේශපාලන වශයෙන් බෙදිය යුතු නැහැ. අපි බෙදුනා නම් අද රටේ මෙම ප්‍රගතිය දකින්න ලැබෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනය අමතක කර අප ඉදිරියට යා යුතුයි.  ඒ වගේම මෙම ඌව පළතේ දියුණුව වෙනුවෙන් විශාල වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.