උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

දවසේ වියමන

ඔබ තුළ වූ ඔබේම නිවස
මා තුළ වූ මගේම නිවස
"නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුව දෙනා"
 අපි හැදුවා අපේ නිවස
 
හිරු කිරණ නූල් පට
වියනවා දවසේ වියමන
අවුරුදු යාරයයි
දෙකයි
තුනයි
"ස්නේහය වූ කළ මිනිස් සිතකට
අන්තයෙහි ඇති වන්නේ දුකමය"
අපි අපිටම කියා ගනී 
අපි කැඩුවා අපේ නිවස
ඔබ ගත්තා ඔබේ කොටස
මම ගත්තා මගේ කොටස
"මගේ" යැයි වු
මමත්වයේ සරල රේඛාව
පිටත සිට බලන්නෙකු
තුටු සිනා පිරුණු නිවස කැ යි රැවටෙන
 
දැන්
ඔබ නිවහනේ මල් පිපෙන දවස් ගැන
කොළ හැළෙන දවස් ගැන
සාද කවි කතා ඉහිරෙන දවස් ගැන
මම දන්නැති
 
මගේ නිවහනේ
බඳුන් බිදෙන දවස් ගැන
දුවිලි පිසින දවස් ගැන
කවි මතක ඉහිරෙන දවස් ගැන
ඔබ දන්නැති

 

තුටු සිනා පිරුණු නිවස කැ යි රැවටෙන
"මගේ යැයි වූ "
මමත්වයේ සරල රේඛාව
නජිලා අධිකාරි
කිඳුරු කොදෙව්වක දෑගිලි පටලා
ඈතින් ඈතට ඉගිල ගියා...
මිමුනූ පෙම්බස් හදවත පතුලේ
නොමැකෙන සටහන් තියා ගියා...
පොපියන දෙතොලේ මතක පාවඩේ
 පියවර එකිනෙක මැකී ගියා...
චිතකයේ ගිනි දැල් ගුවනට මුසුවී
 මේඝ වළාවක සැඟව ගියා...
 -ඇන්ජලා පැල්පොළ -