උණුසුම් පුවත්

ගිගිරුම් සහිත වැසි අදත්

තාවකාලිකව සුළඟේ වේගය වැඩි වේවි

බස්නාහිර,දකුණු,සබරගමුව, මධ්‍යම හා වයඹ යන පළාත්වලට අද පස්වරු 2.00 න්  පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වන වග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල ප්‍රදේශවලට උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ. අකුණුවලින් සිදුවන හානි වළක්වා ගැනීමට පියවර ගන්නා සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයාට කියයි