උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

වසා සිනිඳු සළුවෙන් නුරා රාගිනී

නුරා රාගිනී සිනිදු සළුවෙන් වසා

පුරා රන් කුඹුන් නෙතිනි පියමන් සලා

නිශා මාත්‍රයේ නොමද ඇසිපිය සලා

මවා රස හසුන් නින්ද ඈතින් තබා...         

දවා නිවන සිහිලෙන් තොල් පහසින් තෙමා

රටා මවන රහසින් සිත් අහසෙහි හොරා

පියා නේත්‍ර සුවයෙන් මත් යාමය පුරා

සරා යන්න මවෙතින් සිතු සරසා නුරා...

මනා රකින සීලෙන් මිදී මධු පෙරා

පමා නම් නොවන්නම් රිදී සිත් තලා

වසා ලූව පැතුමන් වියා රැය පුරා

ගොතා සුවද මල්දම් පළඳමූ ගෙල පුරා...

       පද - චංක ශාක්‍ය හේවාමාන්න (චාඩි)

 

බැබලෙන වත

අමාවකේ රැ අහසේ පෑයු 

තනි තරුව වගේ...

කාන්තාරයේ තිබහට

දිය බිදුව වගේ...

උදාගිරේ අරුණෝදය

වගේ  වත බැබලෙනවා...

සඳසාවීගේ සුමුදු ගුණය

ඔබගෙන් දිස් වෙනවා...

සිනහා පිරුණු මුව කමලට

මගේ සිත සැරසෙනවා...

පිරූ පෙරුම් පොදි බැඳගෙන

අපි මේ මග යනවා...

   -ඇන්ජලා පැල්පොළ -