උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

කවි මඩුව

නුරාව 

 

කන්ද උඩින් වලාකුළක්    රන් පාටින්          පෙනුණයි                                 

ලන්ද පුරා පාට පාට       මල් පිපිලා               තිබුණයි                      

අන්ධ මන්ද සිතිවිලි වැල් එකිනෙක පොදි       බැඳුනයි       

             ඉන්දු මංචනායක

නින්ද නොමැති දෑස නුඹ ආදින                     මතකයි                                                                                           

නළියන සිතිවිළි  සිත යට   විලි වැද   පොර බදනා                   

දෙනයන යට කඳුලැලි පොදි  කුමකට  වද  කරනා                                                                                                           නිදිනැති සිහිනෙක දැවටී නුඹ මා ළඟ      රැඳෙනා                  

පුදුමෙක හැටි මට හිමිනැති  නුඹ ගැන මට හිතෙනා                  

 

සිතිවිළි හුරු නැති රැයකදි  යටිහිත ඉකි         බිඳුණයි                  

කෙඳිරිලි හඬ මැඳ අමයුරු  රසයක් මට        දැනුණයි                   

ගත උණුසුම් උණ මොහොතක හිත හිරිගඩු නැඟුණයි           

නුඹෙ නාමල් පෙතිවල රස සිහිනෙක මට    දැනුණයි

 

-------------------------------------------------------------------------------------------

සැඟව ගිය පෙම් කවිය

මනුෂ්‍යත්වය ලබා ගැනුමත් සත්ව ලෝකය තුළ පිනක්...

නායකත්වය හඳුනා ගැනුමත් ලෙහෙසි වන්නේ නැහැ ගොඩක්...

පෞරුෂත්වය වචනයක් නොව ඒක ආරෙන් ආ දෙයක්...

මහන්තත්වය නිසා වැනසෙනු එපා එය මහා පිළිලයක්...

හන්තාන ගිරි ශිඛර...

සිප හමන මද පවන...

මුමුණනා පද අතර...

සැඟව ගිය පෙම් කවිය...

දෑඟිලි බැඳ සුබ නැකතින් එක වහලක් යට...

ඉන්න කියා පැතූ පැතුම් බොඳවී යනකොට...

කසාවතින් සැරසී එන ඔබ පිළිගන්නට...

යන එන මඟ සරසන්නට ඉඩ දෙනවද මට...

කඳුළු වැල් හුරු පුරුදු දෑසට...

සුසුම් හිරවී හඬන හදකට...

සුමුදු සිසිලක් ලබා දීමට...

නොහැකි වේදෝ රෝස කැකුලට...

                                                                                 - ඇන්ජලා පැල්පොළ -

 

 


ඇයව දකිමි

මේ පුරවරේ

විසල් ගස් සෙවණක

බෝ දනවලදී ඔබ

සිතුවම් කරද්දී

රිසිරිසි උන් ගෙ උඩුකය

ළං කරමින්  

පැන්සල ද පින්සල  

ඇවැසි විට  

මට පෙනෙයි ඈ  

ඔබෙ අතින් අල්ලා

තවත් කැන්වසයක් මත

ඇගේ රුව  

කුමුදුනී මෙන්ඩිස්

සිත්තම් කරවනා විලාසය

('කුරුලු සුන්දර මතක ඇහිඳිමි පද්‍ය සංග්‍රහයෙනි)  

 

 

 

(සිතුවම් - අන්තර්ජාලයෙනි)