ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන

නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමකින් පුද්ගලයින් 61ක් නාවික හමුදාවේ අත්අඩංගුවට

ඉදිරි කටයුතු සඳහා අදාළ අංශ වෙත භාර දීලා

දේශීය ජල තිරය ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විසින් නොවැම්බර් 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාල සීමාවේදී සිදුකළ සෝදිසි මෙහයුමක දී නීති විරෝධී ක්‍රම භාවිතා  භාවිතා කැමින් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 61 දෙනෙකු සමඟ  ධීවර යාත්‍රා 18 ක් නීතිය රැහැනට හසුකර ගෙන ඇත.

 ඒ අනුව ත්‍රිකුණාමලය පොල්මල්කුඩා, නීලක්කේණි, කෝනේශ්වරම්, කොකනට් පොයින්ට්, ෆවුල් පොයින්ට්, ෆ්ලෑග් ස්ටාෆ්, සල්ලිකොවිල්, මුලතිව්, නයාරු, පුදුමාතලන්, මන්නාරම් තාවුල්පාඩු, පේසාලෙයි, ඌරුමලෙයි, පුත්තලම, නොරොච්චෝලෙයි සහ කරුකපනේ යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ නාවික විධාන විසින් මෙම මෙහෙයුම් සිදු කරනු ලදි.

මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා හා තහනම් ධීවර අම්පන්න නීතිමය කටයුතු සඳහා ඊච්චලම්පත්තු කෝඩ්බේ, මුලතිව්, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය හා පොල්මුඩේ පොලිස් ස්ථානය වෙත ඉදිරි කටයුතු සඳහා  භාරදී ඇත.