උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනවිශේෂාංගසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

කවි මඩුව

සඳේ සොමි ගුණ

බිඳ ඝණ අඳුර

බිඳ ඝණ අඳුර දිළිහෙන සඳවතට              බැඳී
සිතුවිලි  සතුට විඳගෙන යති දුරට              ඇදී
උණුසුම ළඟම සැනසෙන විට කඳුළ          සිඳී
අරුමය කිමද හිනැහෙන කවි සිතට           රැඳී
                                                            පොළොවක විඳින හදවත දුක ළඟම              තැවී
                                                            සඳවත නුඹට ඇසුනිද ඉකිබිඳින                     කවී
                                                            මුනිවත රකින හැඟුමක සිතුවිලිම                   දැවී
                                                            යනවිට කොහොම හිටියද ආදරය               නොවී
සොඳුරුම රැයක දිළිහෙන මුදු කිරණ         ගමී
විසිතුරු වතක එළිගෙන මහ පොලොවෙ   යමී
රසලෙස අමුණ සිතුවිලි පදවැලට             දෙමී
සඳවත නුඹම කවියකි මුළු ලොවට            හිමී
   ජී කේ දීප්තිකා විජයන්ති
️
--------    ⋆⋆⋆⋆⋆   --------    ⋆⋆⋆⋆⋆    --------   ⋆⋆⋆⋆⋆    --------

 

                                                               පින් මදි වෙන්නැති

 

නොතෙමන් නෙත් යුග ළඳුනේ
මා නෙතු අබියස ඉඳුනිල් දෑසින්
සංසාරේ අපි පෙරම්පුරන් නැති
සමුගන්නට මෙලෙසින්
ජීවන ගඟුලේ ඔරුවේ නැගලා
සෙනෙහස පිරුණු නෙතින්
ළං වී ඉන්නට පින් මදි වෙන්නැති
සමුගත්තේ මෙලෙසින්
වෙන් වූ දෑඟිලි ඔහු හා බැඳිලා
සෙනෙහෙන් කූඩු තනා
තුටින් සිටින්නට  සමුදෙන්නම් මම්
සොඳුරියෙ නුඹට සදා
 සුදර්ශනී අමුගොඩ
--------    ⋆⋆⋆⋆⋆   --------    ⋆⋆⋆⋆⋆    --------   ⋆⋆⋆⋆⋆    --------

 

                                                         සඳේ සොමි ගුණ        

                                                                                                                        සඳේ සොමි ගුණ හොඳින් කලතා නැණ නුවණ මුසු කොට     ගොතා
                                                                                                                         පිදේ  මදහස ලොවේ සැමටම අත් නොහැර සිවුපා                   සතා
                                                                                                                         රැඳේ නිරතුරු සිනා කැන් පොඩි සතට ආසිරි සෙත්                   පතා
                                                                                                                         හදේ ගැඹුරුම තැනක රජයන සුපුන් කුසුමෙකි  මගේ               පුතා
 
                                                            නිරන්තරෙන් වන ලැහැබේ රැකවරණය පතා
                                                            දසන්තයේ හැම දෙයක්ම බෙදා ගනිමු සිතා
                                                            සිටියත් සැම දෙන දුටුවිට සමහර පුහු කතා
                                                            මිනිසා තමයි වනන්තරෙන් පන්නා දැමූ සතා

     ඇන්ජලා පැල්පොළ