උණුසුම් පුවත්කාලීනදේශපාලන

වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න බැරි ඇයි ? විපක්ෂ නායක සජිත්

කතානායකගේ විශ්වාසභංගය සාකච්ඡාවට නොගැනීම නිසා අද පාර්ලිමේන්තුවේ දී විරෝධයක්

ස්ථාවර නියෝග 29(1), (2) යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කර කතානායකවරයාට සහ නියෝජ්‍ය කතානායකවරයාට බාර දුන් බවත් මන්ත්‍රීවරුන්ට කතා කරන්න හා යෝජනා කරන්න ඇති අයිතිය ගැන මෙය ඉදිරිපත් කළ බැවින් මේ වරප්‍රසාද ප්‍රශ්නය මතුකරන්න අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරන්න අවස්ථාව හා වෙලාව ඉල්ලු පසු 9.15ට කතානායක කාර්යාලයට එන්න කියු බවත් එය සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් එය බාර දෙන වෙලාවේ කතානායක හා නියෝජ්‍ය කතානායකවරයා නොසිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වරප්‍රසාද ප්‍රශ්නය බාර දෙන්න වෙලාවක් දුන්නත් කතානායකවරයා නොසිටි බවත් එම නිසා මේ වරප්‍රසාද ගැටලුව ඉදිරිපත් කරන්න අවස්ථාව දිය යුතු බවත් මේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කළේ කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගැනීම කතානායකවරයාම ප්‍රතික්ෂේප කිරීම නිසා සිදුවු වරප්‍රසාද කඩ කිරීම ගැන බවත් දැන්වත් මේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කරන්න ඉඩ දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කතානායකවරයා ලෙස ස්ථාවර නියෝග උල්ලංඝනය නොකරන ලෙස නියෝජ්‍ය කතානායකවරයාගෙන් පවා ඉල්ලා සිටින බවත් විපක්ෂයේ කටවල් වහන්න උත්සාහ නොකර වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.