උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික කස්සප හිමිපාණන්ට ප්රහාරයක් – උන්වහන්සේ රෝහල්ගත කෙරේ 2026-10-180 පිරිත් සජ්ඣායනා කරමින් සිටියදි යි ප්රහාර එල්ල කළේ - ඇසදුටුවෝ කියති කොළඹ විහාරමහාදේවී උද්යානයේ වැඩ හිඳිමින් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමිපාණන්, මැ ප්රහාරයකට ලක්වීමෙන් පසු රෝහල්ගත කර තිබේ. විහාරමහාදේවී උද්යානයේ රැඳී සිටිමින් අඛණ්ඩ සත්යග්රහයක නිරත වූ පිරිස සහ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අතර හටගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බව පැවසේ. පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට පොලිස් නිලධාරීන් හා සිටි පුද්ගලයකු විසින් මෙසේ පහරදීම කළ බවට සත්යග්රහයේ නියුතු පිරිස් චෝදනා එල්ල කරති. මැර ප්රහාරයෙන් තුවාල ලද උන් වහන්සේ 1990 ‘සුවසැරිය’ ගිලන් රථයකිින් කඩිනමින් රෝහල්ගත කිරීමට සත්යග්රහයේ රැඳී සිටි පිරිස් පියවර ගෙන ඇති අයුරු දක්නට ලැබේ. මෙම සිදුවීමත් සමඟ විහාරමහාදේවී උද්යානය සහ ඒ අවට ප්රදේශයන් හි දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති අතර උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කාවන්තිස්ස ඇත්රජු මිය යයි