උණුසුම් පුවත්කාලීනපරිසරයසංස්කෘතික කාවන්තිස්ස ඇත්රජු මිය යයි 2026-10-160 ගල්ගමුව, සියඹලන්ගමුව සහ මීගලෑව අවට උගේ රාජධානිය වූවත්... ‘කාවන්තිස්ස’ හස්තිරාජයා අසාධ්ය තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී අද (16) පස්වරුවේ මරුමුවට පත් වූ බව හෙළදිව සඳහන් කරන්නේ ශ්රී ලංකාවේ වනාන්තරවල ජීවත් වූ උසම සහ දැවැන්තම සද්දන්තයා බව සටහන් කරමිනි. දින ගණනාවක් පුරා රෝගාතුරව ඉතා අසාධ්ය තත්ත්වයෙන් හුන් කාවන්තිස්ස හස්තියා සියඹලන්ගමුව වනජීවී කලාපයේ කුඹුරු යායක ඇදවැටී අසරණව සිටියදී ප්රදේශවාසීන් දැක ඇත. මේ බව සැලවූ පසු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ඇතාගේ ජීවිතය බේරාගැනීමට දැඩි වෙහෙසක් දරමින් හදිසි ප්රතිකාර ලබා දුන්නද, මේ හස්තියා අද හවස මියැදුණි. ගල්ගමුව, සියඹලන්ගමුව සහ මීගලෑව අවට වනාන්තරවල සැරිසැරූ මේ හස්තියාගේ ඉදිරි දකුණු පාදයට කිසියම් පුද්ගලයකු එල්ල කරන ලද වෙඩි ප්රහාරයකින් බරපතළ තුවාල සිදුව තිබිණි. ඉකුත් 24 වැනිදා සිට වනජීවී පශු වෛද්ය කණ්ඩායම් විසින් කාවන්තිස්ස හස්තියාගේ දිවි ගලවා ගන්නට අඛණ්ඩව වෛද්ය ප්රතිකාර ලබාදීමට පියවර ගන්නා ලදි.. ගල්ගමුව ප්රදේශයේ ජෛව විවිධත්වයේ සංකේතයක් බඳු වූ ‘කාවන්තිස්ස’ ඇතා, මෙරට වනගතව ජීවත් වූ අතිශය දුර්ලභ ගණයේ දැවැන්ත දළ ඇතෙකි. පාපි මිනිස් ක්රියාකාරකම් නිසා වෙඩි ප්රහාරයන්ට අවස්ථා කිහිපයකදීම ලක්වූ මේ සත්වයාගේ ජීවිතය රැකගැනීම සඳහා පරිසරවේදීන් මෙන්ම ප්රදේශවාසීහු ද නිරන්තරයෙන් හඬ නැඟූහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ශිරන්ති ඇප මත මුදා හරී