උණුසුම් පුවත්

ක්‍රිකට් ගැටලු නිරාකරණ අනු කමිටු වාර්තාව ජනපති අතට

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පැන නැඟ ඇති ගැටලු නිරාකරණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට එම කමිටුව විසින් අද භාර දෙන ලදි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ගේ සභාපතීත්වයෙන් වූ මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයන් සේ විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරු ක්‍රියා කළ හ.