දෙස බස රැස තරම් මිහිරක්…..
සිරි මා බෝ සමිඳු ඔද තෙද දැයට හුරු
සිරිදුව වඩින මඟ ගණදුරු තෙරෙන දුරු
සිපිරිපත නිවා සාමය සහ සතුට පිරු
දිරියෙන් නැගී පිරිදෙව් මෙන් නැඟෙන හිරු
ළතැවුල් සිය දහස් ජන හද නිවුනා වේ
සුවිපුල් සත්පියුම් දොර දොර පිපුණා වේ
සිහිලැල් මියුරු සර තුඩ තුඩ රැඳුණා වේ
සුනිමල් සුමුදු හසරැල් මුව නැඟුනා වේ
දස දෙස වැසුනු දහසක් දුක් අඳුර බිඳ
ඇස ඇස නිවන තුටු කඳුළක් විලස හද
නිසි රිසි ලෙසින් පිය ඔසවන දැයක් ලෙද
දෙස බස රැස තරම් මිහිරක් තියෙන වද