ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනපරිසරය කාවන්තිස්සගේ ඝාතකයා අල්ලයි 2026-10-180 වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මියගිය ඇත්රජු 'කාවන්තිස්ස' ට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැ යි පරිසර අමාත්යාංශය කියයි. වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්තඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් ඉදිරි විමර්ශන කටයුතු ක්රියාත්මක අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වනජීවී සම්පත් හා ජාතික උරුමයන් විනාශ කරන මෙවැනි නීතිවිරෝධී ක්රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ඉදිරියටත් මෙහෙයුම් ක්රියාත්මක කරනු ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කස්සප හිමිපාණන්ට ප්රහාරයක් – උන්වහන්සේ රෝහල්ගත කෙරේ