උණුසුම් පුවත්කාලීනදේශපාලන ශිරන්ති ඇප මත මුදා හරී 2026-10-160 ලක්ෂ 100 බැගින් වූ ඇපකර දෙකක් මත 'අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම ඉදිරිපත් කළ කරුණු සලකා බලන ලද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය නිකුත් කරන ලදි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් සාපරාධී සාවද්ය පරිහරණය කරමින්, අනීතික ලෙස 'සිරිලිය සවිය' සංවිධානයේ ගිණුමකට බැර කර ලබාගැනීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන දීර්ඝ විමර්ශනයක ප්රතිඵලයක් ලෙස අල්ලස් කොමිසම මඟින් පසුගියදා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. කාන්තා හා ළමා සුබසාධන උදෙසා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නායකත්වයෙන් 'සිරිලිය සවිය' පදනම ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා රාජ්ය පාලකයා ව සිටි සමයේ පටන් ය.. මෙම සංවිධානය සතු බැංකු ගිණුම්වලට රාජ්ය ආයතන, බැංකු සහ විවිධ බාහිර පාර්ශ්වයන්ගෙන් නීත්යානුකූල නොවන අයුරින් මූල්ය පරිත්යාග සහ මුදල් හුවමාරු සිදුවී ඇති බවට වසර කිහිපයක සිටම පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම මඟින් විමර්ශන මෙහෙයවනු ලැබීය. විශේෂයෙන්ම, එම ගිණුම් විවෘත කිරීමේදී ව්යාජ තොරතුරු භාවිත කර ඇති බවටත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා අල්ලස් පනත යටතට ගැනෙන වැරදි සිදුව ඇති බවට චෝදනා එල්ලකරමින්, අවස්ථා කිහිපයකදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්රශ්න කර කර ප්රකාශ සටහන් කරගෙන තිබුණි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පැදි පාරාදීසය Next Article කාවන්තිස්ස ඇත්රජු මිය යයි