උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය

කාවන්තිස්ස හස්තියාගේ ඝාතනය හොයන්න විශේෂ කමිටුවක්

පරිසර අමාත්‍යාංශය ඉස්සරහ උද්ඝෝෂණයකුත්

ශ්‍රී ලංකාවේ උසම හා විශාලම හස්තියා ලෙස සැළකුණු 'කාවන්තිස්ස' ඇතා ගේ මරණය රටපුරා මහත් ආන්දෝලනයකට හේතු වී ඇත්තේ ය.

පසුගිය සැත්තැම්මර් මාසයේ දී කිසිවකු විසින් වෙඩි තැබීමෙන් පාදයක් තුවාල වී සිටි කාවන්තිස්ස ඇතාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් පුතිකාර කළ නමුත් ඉකුත් 8 වැනිදා ගල්නෑව ප්‍රදේශයේ වෙල්යායක වැටී සිටිය දී යළිත් පශු වෛන්‍යවරුන් ඇතාට ප්‍රතිකාර කිරීම අරඹන ලදි. ඒ අතර කාවන්තිස්ස ඇතා එහිදී අවසන් හුස්ම හෙළීමත් සමඟ පරිසරවේදීහු හා මහජනයා ඒ ගැන වනජීවී දෙපාර්තමේන්තුවට හා ආණ්ඩුවට චෝදනා කරන්නට පටන් ගත්හ..
කාවන්තිස්ස හස්තියාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිකු කෙරුණු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එයට සහභාගි වුයේ ය.
කාවන්තිස්ස ඇතුගෙ මියයෑම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී වාද විවාද ඇති වූ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනයසඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩ සටහනකට අදාළ කිර්දේශ ලබා දීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත් කරනු ලැබිණි.

කාවන්තිස්ස ඇතුගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හේතු, ප්‍රතිකාර කටයුතු වලදී යම් අතපසුවීම් හෝ නොසැළකිලිමත් කම්  සිදුවී තිබේ ද යන්න පිළිබඳව මෙම කමිටුව විසින් සෙයා බැලීමටනියමිත යි.එහි වාර්තාව මසක් ඇතුළත ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා කමිටුවට දැනුම් දී ඇත..

මේ අතර කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් රජයට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කරමින් පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් පෙරේදා බත්තරමුල්ලේ පිහිටි පරිසරඅමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්විණි.