ආර්ථිකඋණුසුම් පුවත්කාලීන විදේශගත ශ්රී ලාංකිකයින්ට ඩොලර් ”බැඳුම්කර” ආයෝජනය කිරීමට ඉඩ සැළසේ 2026-10-210 මූලික ආයෝජන හා පොලී මුදල් ඩොලර් වලින් විදේශගත ශ්රී ලාංකීකයින්ට, ව්යාපාරිකයින්ට හා විදේශ විනිමය ඉතිරි කිරීම් ඇති පුද්ගලයින්ට ශ්රී ලංකා මහ බැංකුවේ ඩොලර් බැදුම්කර මිල දී ගැනීමට දැන් අවස්ථාව සැළසී තිබේ. මෙහි අවම ආයෝජන සීමාව ඇමරිකානු ඩොලර් 10,000 කි. කල්පිරීමේ සීමාව වසර 1,2,3 යන කාල සීමා යටතේ මෙම බැදුම්කර තැන්පත් කෙරෙන අතර ඒවායේ පොලී ගෙවීම අර්ධ වාර්ෂිකව සිදුකරන බව ද ශ්රී ලංකා මහ බැංකුව පවසයි. මෙහි මූලික ආයෝජන හා පොලී මුදල් ඩොලර් වලින් ම ගෙවන අතර එම මුදල් කිසිදු බාධාවකින් තොරව විදේශයන් වෙත සම්පූර්ණයෙන් ම ප්රේෂණය කළ හැකි වේ. මෙම ආයෝජන බලපත්රලාභී වානිජ බැංකු හා ප්රාථමික අලෙවිකරුවන් ඇතුළු නම් කරන ලද නියෝජිත ආයතන 15 ක් හරහා සිදුකළ යුතු අතර ගෙවීම් නියෝජිතයා වන්නේ ලංකා බැංකුවයි. මෙම ඩොලර් නිකුතුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් රැස්කර ගැනීමට රජය බලාපොරොත්තුවය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ‘යුවාන්’ ගනුදෙනු කළ හැකි චීන බැංකුවක් ශ්රී ලංකාවේ Next Article කාවන්තිස්ස හස්තියාගේ ඝාතනය හොයන්න විශේෂ කමිටුවක්