මරියසෙල් ගුණතිලක නික්ම යන සඳ.... ඇයට අපේ උත්තමාචාරය පිරිනමමු.
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වූවාය. මියයන විට අෑ පුසූෙය් 68 වැනි වියෙහි ය. දින කිහිපය පුරා පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මරියෙසල් දිවි සැරිය නිමා කළා ය. 1958 ජූනි 11 වන දා නුගේගොඩ ප්‍රදේශයේදී උපත ලද ඈ සංගීතය කෙරෙහි යොමුව ඇත්තේ හත් හැවිරිදි දැරියක සමයේ ය. ඈ පැටික්කි සංදියෙහි ම ගිටාරය අතට ගෙන සිය කුසලතා පෙන්වා ඇත්තී ය. ඇය අකුරු කරන ලද්දේ නුගේගොඩ, ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයෙනි.
1970 දශකයේ අගභාගයේදී ඇය 'කැන්ඩි ළමිස්සි' ගීතය ගායනා කරමින් ගීත රසික හදවත් ඇඳ බැඳ ගත්තී ය. ඈ බටහිර ආරේ ගී ගයමින් කළේ අපූර්ව වූ පෙරළියකි. පටන් 'රහසයි සොඳුරු ජීවේ', 'සිහින නෙළුම් මල්', 'නෙළුම් මලේ පෙති කඩලා', සහ 'කුමරාණනේ' වැනි සදාකාලික සම්භාව්‍ය කෘති රැසක් හරහා ඇය රසික හදවත ස්පර්ශ කළ අයුරු කිසිවකුට අමතක කළ නොහේ.

